29.2 C
Colombo
Wednesday, April 9, 2025

පිලිපීනයේ මගී යාත්‍රාවක් ගිනි ගනී

- Advertisement -

දකුණු පිලිපීනයේ මගීන් රැගෙන යමින් සිටි යාත්‍රාවක ඇති වූ ගින්නකින් 31 දෙනෙකු දියේ ගිලී හෝ ගින්නට හසු වී ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පෙන්වා දුන්නේ, අදාළ යාත්‍රාවේ ගමන් කරමින් සිටි පිරිසෙන් 230 දෙනෙකු මුදා ගෙන ඇති බවයි.

Lady Mary Joy 3 නමැති එම මගී යාත්‍රාව මින්දනාඕ දූපතේ සැම්බෝන්ගා නගරයේ සිට සුලු පළාතේ ජොලෝ දූපත දක්වා ගමන් කරමින් සිටියදී ඊයේ (29) රාත්‍රියේදී ගින්න හටගෙන තිබෙනවා.

පිලිපීන වෙරළාරක්ෂක බළකාය සහ ධීවරයින් ඇතුළු ගැලවුම්කරුවන් විසින් මගීන් 195 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 35 දෙනෙකු මුදා ගනු ලැබ ඇති බවයි.

මිය ගිය පිරිස අතර මාස 6ක දරුවෙකු ඇතුළුව අවම වශයෙන් දරුවන් තිදෙනෙකු සිටින බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බලධාරීන් සඳහන් කර ඇත්තේ, 14 දෙනෙකු තුවාල ලබා ඇති බවත් 7 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි.

මගී නම් ලැයිස්තුවේ සටහන් 205 දෙනාට අමතරව තවත් මගීන් යාත්‍රාවේ ගමන් කරමින් සිට ඇති බැවින් ඒ හේතුවෙන් අතුරුදන් පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ගින්න ඇති වූ ආකාරය තවමත් අපැහැදිලි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවකයන්ට වැඩිකළ වැටුප නොලැබෙන ලකුණු

අයවැය යෝජනා අනුව සංශෝධිත  රාජ්‍ය සේවක වැටුප අප්‍රේල් මස 10 වන දිනට ලබා දීමට අපොහොසත් වන්නේ නම් අදාළ හිඟ වැටුප අප්‍රේල් 25 වන දින...

මර්වින් රිමාන්ඩ් –  ප්‍රසන්න සහ මිල්රෝයිට වරෙන්තු

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළා. එමෙන්ම අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ඇති...

මාව ජනාධිපති කරන්න – ටිරාජ් ගල්කන්ද

‍රටේ ජනාධිපති ධූරය තමා හට මාස 06කට ලබාදෙන ලෙස ඉල්ලමින් මහරගම හිටපු නගරාධිපති ටිරාජ් ගල්කන්ද අද (09) ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා. මාධ්‍ය වෙත අදහස්...

POPULAR ARTICLES