31 C
Colombo
Friday, October 25, 2024

සාධාරණයක් ඉල්ලා පුද්ගලයෙකු අධිකරණයේ වහලට නගී

- Advertisement -

මැල්සිරිපුර පොලීසියෙන් තමන්ට අසාධාරණයක් සිදුවු බවට චෝදනා කරමින් පුද්ගලයෙකු කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහලය මත නැගී විරෝධතාවක නිරත වූ බවට වාර්තා වෙනවා.

අධිකරණ සංකීර්ණයේ විරෝධතාවක නිරතව සිටි අදාළ පුද්ගලයා පසුව අධිකරණයෙහි වහලය මත නැගී විරෝධතාවයේ නිරත වූ බවයි සඳහන් වන්නේ.

මෙම පුද්ගලයා පවසන්නේ නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් තමන්ට මැල්සිරිපුර පොලීසිය විසින් නීති විරෝධීව නඩුවක් ගොනුකර ඇති බවයි.

තමන් අදාළ චෝදනාවට වරදකරුවෙකු නොවන බවත් එවැනි චෝදනාවක් තමන්ට එල්ල කිරීම අසාධාරණ බවත් ඔහු පවසා තිබෙනවා.

55 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අධිකරණය මත වහලය මත නැග ඇති අතර ඔහු වහලයෙන් බස්සවා ගැනීම සඳහා කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ පොලීසිය මහත් පරිශ්‍රමයක් ගෙන ඇති බව සඳහන්.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව අදාළ පුද්ගලයාගේ මව සඳහන් කර සිටියේ,

“මෙයා ගස් කප කප හිටියේ වත්තක. ඒ ගෙදරට සිගරට් ගේන්න ගිහින් තියෙනවා බයිසිකලේ. ඒ එනකොට පොලීසියෙන් අල්ලගෙන.අල්ලගෙන කිව්වලු උඩහා එක්කෙනෙක් ඉන්නවා ගේන්න යමු කිව්වලු. මෙයා බෑ කිව්වලු. බෑ කියද්දි අරන් ගිහින් කෙලින්ම පොලීසියට ආවලු. ඊට පස්සේ පොලීසියෙන් නඩුවක් දාලා. 6 වෙනදා නඩුව තිබුණේ. මෙයාට බයිසිකලයක්ම නෑ. උසාවියෙන් කෙලින්ම 56,000ක දඩයක් ගැහුවා. දුම් සහතිකය නෑ. ලයිසන් නෑ කියලා තමා දඩේ ගැහුවේ. මෙයා කියන්නේ ඇයි මම වරදක් කරන්නේ නැතුව මට මෙහෙම දඩයක් ගහන්නේ කියලා. බයිසිකලේ අයිතිකාරයා එහෙ.”

RECENT ARTICLES - SINHALA

රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහිව නඩුදාලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. රන්ජන් රාමනායක මහතා ඉදිරි මහ මැතිවරණයට ගම්පහ...

පමුණුගම පොලීසියට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක්

පොලිස් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (24) පස්වරුවේ පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත ව...

රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...