කිරිබත්ගොඩ මායා මාවත ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු පෙරේදා (25) දින සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පැතිරයන පුවත් හේතුවෙන්.
වත්තල හුණුපිටිය ප්‍රදේශයේ මධ්‍යහන කොළඹ – මීරිගම මන්දගාමී දුම්රියට පැන මෙම පුද්ගලයා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති අතර මියගිය පුද්ගලයාගේ දියණිය විසින් රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂක සුදර්ශන ශ්‍රීලාල් ඉන්ද්‍රජිත් දිසානායක හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිය මියා ජීවිතය නැති කරගැනීමට පෙර ලියන ලද ලිපියක්ද ඉදිරිපත් කර තිබෙනවා.
සිය අවසන් කටයුතු සිදු කිරීමට විශ්වවිද්‍යාලයට යන චීවරධාරීන් නිවසට වද්දා නොගන්නා ලෙසත් තමාගේ අවසන් කටයුතු රජයේ වියදමින් කරන ලෙසට නියෝගයක් ලබාදෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් එහි සඳහන්.
එමෙන්ම, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යාම සම්බන්ධයෙන් දැඩි දුකින් කාලය ගත කළ බවත් විදෙස් රටකදී හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන බවට පළවන පුවත් සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස කම්පා වී සිට ඇති බවත් දියණියගේ ප්‍රකාශ සටහන් කර ගැනීමේදී ඇය පවසා තිබෙනවා