කොස්වත්ත, මාවතගම කර්මාන්තපුරයේ ජලය පිරී තිබූ කාණුවකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි මඩුමුල්ල, උඩපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවුඩයක් මත කොස්වත්ත පොලීසිය විමර්ශනය කර මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට භාරදී තිබෙනවා.
කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.