26 C
Colombo
Thursday, July 4, 2024

රෝහලේ සිටි පුද්ගලයෙක් පැහැර ගත් කතකට ඇප

- Advertisement -

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 89 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන ගිය බවට පැවසෙන කොළඹ ජාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (01) නියෝග කළා.

මෙම 89 හැවිරිදි පුද්ගලයා කලක් විදේශගත රැකියාවක නිරතව සිට මෙරටට පැමිණ ඇති අතර ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුට ඇප උපස්ථාන කළ 58 හැවිරිදි පැමිණිලිකාර කාන්තාව විවාහ කරගෙන තිබෙනවා.

සැමියාට අසනීප වීමෙන් අනතුරුව විවාහක බිරිඳ විසින් ඔහුව ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

එසේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඥාතියකු බව පැවසෙන විත්තිකාර කාන්තාව ඇතුළු පිරිසක් රෝහල් බලධාරීන්ට නොදන්නවා ඔහුව එම රෝහලෙන් රැගෙන ගොස් ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කර තිබෙන බව නාරාහේන්පිට පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසුවා.

අදාල පුද්ගලයා ගල්කිස්ස රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් මිය යාමෙන් අනතුරුව විත්තිකාර කාන්තාව ඇතුළු පවුලේ ඥාතීන් විසින් අවසන් කටයුතු කර තිබෙන බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

පොලිසිය අධිකරණය හමුවේ පවසා සිටියේ මෙලෙස පැහැරගෙන ඇත්තේ දේපළ අත්පත් කර ගැනීමේ අරමුණින් ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බවයි.

තම ඥාතියාට ඇප උපස්ථාන කළ කාන්තාව ඔහු විසින් විවාහ කරගෙන ඇති බව පවුලේ කිසිවකුත් නොදන්නා බවත් ඔහු මිය යාමෙන් අනතුරුව ඔහුගේ අවසන් කටයුතු සිදුකළ බවද සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම්දී තිබුණා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර කාන්තාවට ඇප නියම කරණු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

කඩිමුඩියේ කරන ගනුදෙනුවලට මම විරුද්ධයි-නාමල්

රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත හෝ විකිණීම සිදු කරන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වන සමාගම් හෝ පුද්ගලයින් පිලිබදවත් ඔවුන්ට එම රාජ්‍ය ආයතන ලබාදීම සදහා සලකා බලනු...

රුක්ෂාන් බෙල්ලනත් රනිල් ලගට

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් පත්කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (03) පැවැත්වුණා. මෙහිදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන...

සුදුවෙන ක්‍රීම්වලින් වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක්

සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ග හේතුවෙන් පිළිකාවලට ගොදුරුවූ පුද්ගලයින්ට වඩා වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ...

POPULAR ARTICLES

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා. ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 3,690ක්. කිලෝ 5ක...

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලෙත් වෙනසක්

සයිනොපෙක් සමාගමද අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින්...

විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක

ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. දුරකථන දීමනාව ලබා නොදීම, විදුහල්පති දීමනාව සියලු ශ්‍රේණිධාරීන්ට ලබා නොදීම ඇතුලු ගැටලු කිහිපයක් මුල්...