29 C
Colombo
Tuesday, September 24, 2024

Mpox නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙක් ඉන්දියාවෙන්

- Advertisement -

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම්කළ Mpox හෙවත් වෛරසයේ නව ප්‍රභේදය වැළදුණු ආසාදිතයෙක් පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මේ වන විට අප්‍රිකාවේ ඉතා වේගයෙන් පැතිරෙන මෙම නව ප්‍රභේදය “clade 1b” ලෙස හැඳින්වෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ආසාදිතයා ඩුබායි සිට පැමිණි දකුණු කේරළ ප්‍රාන්තයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

එම වෛරසය ආසාදනයේ මූලික රෝග ලක්ෂණ ලෙස උණ ඇතිවීම වන අතර සමෙහි ඇතිවන ගැටිති වැනි තුවාල ඉතා වේදනාකාරී බව පැවසෙනවා.

සෑම ආසාදිතයින් 100කින් 4 දෙනෙක් පමණ මරණයට පත්වීමට ඉඩ ඇති බව සඳහන්.

අප්‍රිකානු මහද්වීපයේ රටවල් කිහිපයක පැතිරයන ‘එම්පොක්ස්’ හෙවත් ‘මංකිපොක්ස්’ වසංගතය ලොව අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනුම්දී තිබුණා.

RECENT ARTICLES - SINHALA

Breaking:පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් තබා තිබෙනවා. මෙම ගැසට් නිවේදනය අද (24) මධ්‍යම රාත්‍රියේදී මුද්‍රණය සඳහා යැවීමට නියමිත...

ජනපති හෙට ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (25) දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාත්‍රී 7.30ට ජාතිය අමතා...

නජිත්ටත් අනුර තනතුරක් දීලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති මාධ්‍ය අංශයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින්

නව ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව හැකි පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

අගමැතිනිය වීම ගැන හරිනිගෙන් උත්තරයක් (වීඩියෝ)

අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ජාතික ජන...

58%ක් ඡන්දෙ දුන්නෙ අනුරට එරෙහිව – චම්පික

ජනාධිපතිවරණය,  42% ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානයක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සුබ පතන අතරම ඡන්දදායකයින්ගෙන් 58%ක් ඔවුන්ට...