තියුණු ආයුධවලින් කපා කොටා අද (03) අලුයම පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මතුගම පොලීසිය පවසනවා.
මෙසේ ඝාතනයට ලක් ව ඇත්තේ, මතුගම ඕවිටිගල ප්රදේශයේ පදිංචිව සිටි එම්.කලණ නමැති 38 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කර තිබෙනවා.
නාඳුනන පුද්ගලයන් පිරිසක් පැමිණ අද අලුයම එම පහරදීම සිදු කර ඇති අතර, ඔහු බරපතළ තුවාල සහිත ව කළුතර – නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමේ දී මිය ගොස් ඇති බව වාර්තා වනවා.
සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.