මැල්සිරිපුර – දිද්දෙණිය ප්රදේශයේදී විදුලි සැර වැදී තරුණයෙක් මියගොස් තිබෙනවා.
පාළු ඉඩමකට අනාරක්ෂිතව විදුලිය ලබාගැනීම සඳහා ඇද තිබූ කම්බියක ගැටී මෙම තරුණයා මියගොස් ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි දඹුල්ල පාර, මැල්සිරිපුර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මැල්සිරිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.