මාතර – පඹුරණ අබේගුණවර්ධන මාවතේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කඹුරුගමුව ප්රදේශයේ පදිංචි 56 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.
අද (13) පස්වරුවේ මාතර සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමි දුම්රියේ යතුරපැදිය ගැටීමෙන් එම අනතුර සිදුව තිබුණා.
දුම්රියක් පැමිණෙන බවට ආලෝක සංඥා හා සීනුව නාද වෙමින් තිබියදී අපරික්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී මෙලෙස එම අනතුර සිදුව ඇති බවට සැකපළ කරනු ලබනවා.
ජීවිතක්ෂයට පත්වූ පුදගලයාගේ දේහය කඹුරුගමුව දුම්රිය ස්ථානය වෙත රැගෙනගොස් ඇති අතර, අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.