27.7 C
Colombo
Thursday, December 12, 2024

වන අලි පහර දීමකින් පුද්ගලයෙක් මරුට

- Advertisement -

ඉපලෝගම පොලිස් වසමේ, මහඉලුප්පලම උදේනිපුර ගම්මානයේදී ඊයේ (11) රාත්‍රියේ වන අලියකු සිදු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඉලුපල්ලම උදේනිපුර පදිංචි එක්දරු පියෙකු වන තුවාන් සාමි මොහොමඩ් සදුර්ඩීන් නම් 62 හැවිරිදි වියේ අයෙක්.

ඔහු ‍ සෞඛ්‍ය අමාත්‍යංශයේ රියදුරෙකු ලෙස සේවය කර විශ්‍රාම ගිය පුද්ගලයෙක්ද වනවා.

ඊයේ පස්වරුවේ මහඉලුප්ලලම නගරයේ වෙළඳසැලකට ගොස් නැවත නිවසට එමින් සිටියදී නගරයේ සිට මීටර 100 ක් පමණ දුරින් මෙම වන අලි පහරදීම සිදුව තිබෙනවා.

නගරයේ සිට ඔහුගේ නිවසට පැමිණිමට ඇත්තේ දෙපස තේක්ක රක්ෂිතයකින් සමන්විත වූ මාර්ගයකින් වන අතර, ඊයේ (11) පස්වරු 6.10 ට පමණ මාර්ගය අසලට පැමිණ සිටි වන අලියකු මෙලෙස මෙම පුද්ගලයාට පහර දී තිබෙනවා.

වන අලි පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තුවාන් සදුර්ඩීන් මහතා ප්‍රදේශවාසීන් විසින් කඩිනමින් එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර, ඔහු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යැවුණත් එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

වන අලි පහරදීමෙන් ශරීරයේ අභ්‍යන්තරයට  සිදු වූ බරපතල තුවාල හේතුවෙන් ඒ මහතා ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

මහඉලුප්පල්ලම ගම්මානයට මේ දින වල නිරන්තරයෙන් පවතින වන අලි තර්ජනයට විසඳුමක් ලෙස පසුගියදා (08) වන අලි පළවා හැරීමේ දින 05 ක මෙහෙයුමක් ආරම්භ කෙරුණු අතර,එය අද දිනය දක්වාද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එම මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුරදී , මෙම වන අලි පහරදීම සිදු වූයේ අදාළ මෙහෙයුම ආරම්භ කළ ස්ථානයෙන් වීමද කණගාටුවට කරුණක්.

ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ වන අලි ගැටලුවට පිළියමක් ලෙස තම ගම්මානය අවට ඇති කැලෑවේ යටි කැළය කපා සුද්ධ කර දෙන ලෙසයි.

එලෙස සුද්ධ කළ පසු මාර්ග අවට කැලෑවේ වන අලින් රැදී නොසිටින බවත්, වන අලියකු පැමිණිය හොත් පෙනන බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ICC ශ්‍රේණිගත කිරීම්හි ක්‍රීඩකයින් 6ක් පළමු දස දෙනා අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 06 දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා අතර රැදී සිටිමට සමත්ව තිබෙනවා. ඒ අනුව පන්දුවාර 20...

රජයේ ඉඩමක් දෙන්න අල්ලස් ගත් කාන්තාවක් අත්අඩංගුවට

වගා කටයුතු සඳහා රජයේ ඉඩමක් ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 350,000 ක අල්ලස් මුදලක් ලබාගත් කාන්තාවක්  අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා...

දිනමිණ – සිළුමිණ පත්තරවලට අලුත් කර්තෘවරු පත්කරලා

රජයට අයත් ලේක්හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වලට නව කර්තෘවරුන් පත්කර ඇති බවට වාර්තා වනවා. දිනමිණ පුවත්පතේ කර්තෘ ලෙස සේවය කළ මනෝජ්...

POPULAR ARTICLES