26 C
Colombo
Sunday, December 15, 2024

මීගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

- Advertisement -

මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ  (14) රාත්‍රීයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලස වෙඩිතබා ඝාතනය කර තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

එලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි එක් දරු පියෙක්.

මරණකරුගේ සහෝදරයාගේ නිවසේ සිට මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ තම නිවස වෙත යමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.

පොලීසිය පවසන්නේ, නාඳුනන පුද්ගලයෙක් මෝටර් රථය නවතා ඇති අතර තවත් පුද්ගලයෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

වෙඩි වැදීමෙන් පසු බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙන අතර වෙඩිතැබීම සිදුවන විට වයස අවුරුදු එකහමාරක් වු මරණකුරුගේ දියණිය සහ බිරිඳ මෝටර් රථයේ සිට තිබෙනවා.

මිය ගිය පුද්ගලයා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සමෘද්ධි ප්‍රදාන කාර්යාලයේ, කාර්යාල සහායක නිලධාරීයෙකු ලෙස සේවය කර තිබෙනවා.

නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් විසින් ස්ථානීය පරික්ෂණය සිදුකරනු ලබනවා.

වෙඩි තැබු පුද්ගලයින් මේ වනතෙක් හඳුනාගෙන නොමැති අතර මීගොඩ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ඇති.

RECENT ARTICLES - SINHALA

කැලිෆෝනියාවට ටොනේඩෝ අවදානමක්

කැලිෆෝනියාවේ - සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැයට කිලෝමීටර 96 ක වේගයෙන් ගමන් කරන සුළං හේතුවෙන් නගරයේ...

සිරීපාදේ වන්දනා කරන්න නීති මාලාවක්

ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (14) උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ වුණා. ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල පුරාණ ශ්‍රී පාද විහාරස්ථානයේ සිට සාධාතුක කරඩුව, සමන්දේව ප්‍රථිමාව...

ලංවිම ණය බර බිලියන 289.4ක්

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවිය යුතු ණය සහ ව්‍යාපෘති ණය වශයෙන් මෙම වර්ෂයේ ජූනි මස අවසානය වන විට රුපියල් බිලියන 289.4ක මුදලක් ගෙවීමට තිබූ...

POPULAR ARTICLES