30 C
Colombo
Thursday, December 19, 2024

කොස්තාපල්වරයෙක්ට බෝතලයකින් පහරදුන් අයෙක් අත්අඩංගුවට

- Advertisement -

මත්පැන් බෝතලයක් කඩා කොස්තාපල්වරයෙකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසනවා.

තානායමකදී බහින්බස්වීමක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇති බවටයි පොලීසිය පවසන්නේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මොරගහහේන පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක්.

තුවාල ලැබූ ඔහු හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. 

පොලිස් කොස්තාපල්වරයා ඊයේ (18) රාජකාරී විවේකය වාර්තාකර පැන් පානය කිරීම සඳහා හොරණ තානායමට පැමිණ තිබෙනවා.

එහිදී ඉහත සැකකරු සමග කිසියම් සිද්ධියකට බහින්බස් වී ඇති අතර සැකකරු බෝතලයක් කඩා කොස්තාපල්වරයාට ඉන් පහර දී තිබෙනවා.

සිද්ධියෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ගල්ඓදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

RECENT ARTICLES - SINHALA

අදානිගේ පිටරට ගනුදෙනු අපේ රටට අදාළ නැහැ – ජනපති

අදානි සමූහය වෙනත් රටවල් සමඟ ඇති ගනුදෙනු සම්බන්ධයෙන් සැලකිලිමත් නොවන බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ සිදු කරන්නේ මොනවාද යන්න පිළිබඳව පමණක් අවධානය යොමු කරන බවත්...

ඉන්දියාව එක්ක ඩිජිටල් ගිවිසුමක්

ඩිජිටල් සංවර්තනය සඳහා ක්‍රියාත්මක කරන ලද සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කිරීමේ සහයෝගිතාව පිළිබඳව ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධනා ගිවිසුමට අත්සන් කිරීම...

පරාටේ නීතිය අත්හිටුවීමේ සැලසුම් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

පරාටේ  නීතිය 2025 මාර්තු 31 දක්වා දිගු කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ පරාටේ නීතිය...

POPULAR ARTICLES