29 C
Colombo
Thursday, December 12, 2024

විදෙස් රැකියා ඒජන්සියක යකා නැටූ පුද්ගලයෙක් අත්අඩංගුවට

- Advertisement -

කුරුණෑගල විදේශ රැකියා ඒජන්සියකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයකු ඒජන්සි හිමිකරුගේ ගෙල කපා එහි සේවිකාවකට පහරදී තිබෙනවා.

අනතුරුව සැකකරු සියදිවි හානි කර ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

කුරුණෑගල, නාවින්න ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා ඒජන්සියකදී මෙම සිදුවීම වාර්තා වූ බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු හසලක ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු බව පැවසෙන අතර ඔහුගේ අනියමි බිරිඳ බව කියන කාන්තාවක ⁣මෙම රැකියා ඒජන්සිකරු මාර්ගයෙන් “කුවෙටි” රටට ගෘහපාළිකාවක් වශයෙන් යවා තිබෙන බව පැවසෙනවා.

ඇය දුරකතනයෙන් සමිබන්ධකර දෙන්නැයි ඉල්ලා සිටියත් එය ඉටුනොවීම නිසා වූ බහින් බස්වීමකදී මෙම පිහි ප්‍රහාරය එල්ලවී තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය වාර්තා වීමත් සමග ක්‍රියාත්මක වූ කුරුණෑගල මූලස්ථානය පොලීසියේ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් සැකකරු පිහිය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවාලකරු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාරලබමින් සිටින බව රෝහල් ආරංචිමාරග පවසනවා.

මේ අතර පහර කෑ එම කාර්යාලයේ සේවය කළ කාන්තාව රොහල්ගත කළ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ජනපතිගෙන් උපදෙස්

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මුදල්...

බස් වෑන් අනතුරින් පහක් රෝහලට

කොළඹ - මහනුවර මහා මාර්ගයේ නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේ දී අද (12) පස්වරුවේ පුද්ගලික බස් රථයක් හා වෑන් රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම...

රංවලට විශ්වාසභංගයක්

කථානායක අශෝක රංවල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළ බව පොදුජන පෙරමුණ පවසනවා. අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් එම පක්ෂයේ...

POPULAR ARTICLES