30 C
Colombo
Sunday, October 27, 2024

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධාකළ අයෙක් අත්අඩංගුවට

- Advertisement -

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් හැටන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එළැඹෙන දීපාවලී උත්සව සමය නිමිත්තෙන් තමන්ට අවැසි දෑ මිලදී ගැනීමට දිනපතා විශාල පිරිසක් හැටන් නගරයට පැමිණෙමින් සිටින අතරඒ හේතුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හැටන් නගරයේ ආපනශාලා ඊයේ (26) හදිසි පරීක්ෂාවකට ලක් කර තිබුණා.

මෙහිදී එක් ආපනශාලාහිමියෙකු විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් පරීක්ෂකවරුන්ට මරණීය තර්ජන කර තිබෙන බවට වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හැටන් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ආපනශාලා හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (27) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර අදාළ සිද්ධිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක්ද කර තිබෙනවා.

හැටන් පොලිස් ස්ථානයට කරඇති පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර අනවශ්‍ය වෘත්තීය නොසන්සුන්තා ඇති නොවන සේ කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා සිටින බව යොමුකළ ලිපියේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

මනුෂ්‍ය ඝාතන තැතක් වැළකේ

කාන්තාවක් ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවෙකු පොලිස්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල, හබරාදූව, මීපේ ප්‍රදේශයේ පදිංචි...

මාන්නප්පෙරුමට පක්ෂ 10කින් ආරාධනා?

තමන් සමඟ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වන ලෙසට මෙවර මහ මැතිවරණ සටනින් ඉවත් වූ හිටපු අමාත්‍ය සහ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්...

රංජනුත් සල්ලිවලට සෙනඟ ගෙනල්ලා මල්ලි

රංජන් රාමනායක මහතා නායකත්වය දරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය ඊයේ (27) පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා. කෙසේවෙතත් මෙම සම්මේලනය අවසන් වීමෙන් පසු...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...