නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් ඇතුලු පිරිස් බිය ගන්වා මුදල් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නම සහ ඡායාරූප භාවිතා කර වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම මුදල් වංචාව සිදු කර තිබෙනවා.
මෙම පුද්ගලයා තමන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බව අඟවමින් ව්‍යාපාරිකයන්ට දුරකතන ඇමතුම් ලබාදී ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කොට නඩු දමන බවට බිය ගන්වමින් මුදල් වංචා කළ බවටයි අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.