30 C
Colombo
Wednesday, October 16, 2024

පොලිසියට අල්ලස් දෙන්න හැදූ පුද්ගලයෙක් අත්අඩංගුවට

- Advertisement -

මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු, පොලිස් නිලධාරියෙකුට අල්ලස් ලබාදීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, සංජීව කුමාර හෙවත් ගල් සම්පත් නැමැති මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවකට වසර 12 ක් සිරගත වී මීට මාසයකට පමණ ඉහත දී නිදහස් වී පැමිණ යළිත් වරක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී තිබෙනවා.

සැකකරු මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ, තමන්ට මත්කුඩු ජාවාරම කරගෙන යාම සදහා පොලිස් නිලධාරීන්ගෙන් බාධා එල්ල වන අතර, එය විසදා දෙන්නේ නම්, මසකට රුපියල් ලක්ෂය බැගින් ලබා දීමට හැකියාව පවතින බවයි.

ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මන්නාරම විනිසුරුට එරෙහි පෝස්ටර් මුද්‍රණය කළ හිමිකරු රිමාන්ඩ්

මන්නාරම මහාධිකරණ විනිසුරුට එරෙහිව කොළඹ ප්‍රදේශයේ අලවා තිබූ මඩ පෝස්ටරය මුද්‍රණය කළේ යැයි කියන යක්කල ප්‍රදේශයේ මුද්‍රණාල හිමිකරුවා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර...

විදෙස් ජාතිකයින් මෙරට සිට මෙහෙයවන ස්කෑමින් කෑම්ප් ගැන අනාවරණයක්

විදෙස් ජාතිකයින් විසින් මෙරට දී සිදුකරනු ලබන අන්තර්ජාල ජාවාරම්වල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් ඒවා ශ්‍රී ලාංකිකයින් සිර කර තබාගෙන මියන්මාරයේ ක්‍රියාත්මක සයිබර්...

ගින්නකින් පාසල් ගොඩනැගිල්ලක් විනාශ වෙලා

පාසලක හදිසියේ ඇතිවූ ගින්නකින් එහි දෙමහල් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශවී ගොස් තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ල මෙලෙස...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

වාහන ආනයනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බලයට පත්වූ පසු නව ආණ්ඩුව විසින් කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...