මුලතිව්, කුමුල මුනේ, තන්නිමුරුප්පු කැළයේ වන සතුන් දඩයමේ ගිය පුද්ගලයෙකුගේ ගිනි අවිය පත්තුවීමෙන් අද (14) දහවල් එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.
එම ගිණි අවිය දේශීය වශයෙන් නිපදවන ලද නීති විරෝධි ගිණි අවියක් බවට වාර්තා වනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, ආරුමුගදන් කුලම් ගම්මානයේ පදිංචිව සිටි 48 හැවිරිදි දුරෙයි රාසා ආනන්දරසා නැමති පුද්ගලයෙක්.
මේ පුද්ගලයා තවත් දෙදෙනෙකු සමග දඩයමේ ගිය අවස්ථාවේදී වල් ඌරෙකු දැක කලබල වී වල් ඌරාට වෙඩි තැබීමට සූදානම් වූ අවස්ථාවේදී වෙඩිල්ලක් ක්‍රියාත්මක වීමෙන් පසුව ඔහුට වෙඩි වැදී තිබෙනවා.
සිද්ධිය පිළිබදව මුලතිව් පොලීසියට දැණුම් දීමෙන් පසුව මියගිය අයගේ මළ සිරුර මුලතිව් රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
මුලතිව් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.