26 C
Colombo
Friday, October 25, 2024

මරණ දඩුවම නියම වී සැඟව සිටි අයෙක් වසර 19කට පසු අත්අඩංගුවට

- Advertisement -

මරණ දඬුවම නියමව සැඟව සිටි චූදිතයෙකු රාගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 54 ක පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

රාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධව අදාළ පුද්ගලයාට සහ ඔහුගේ සහෝදරයාට 2001 වසරේදී චෝදනා එල්ල වී තිබෙන බව පොලිසිය සඳහන් කළා.

ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධානාගරගතව සිට ඇති අතර 2004 වසරේ ඇතිවූ සුනාමි ඛේදවාචක‍ය අවස්ථාවේදී මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට බස් රථයකින් රැගෙන යමින් සිටියදී අදාළ පුද්ගලයා නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබෙනවා.

පසුව බන්ධනාගාරගතව සිටි පුද්ගලයා 2012 වසරේදී නිදොස් කොට නිදහස් කෙරුණු අතර පලා ගිය සැකකරුට මරණීය දණ්ඩනය නියම කිරීමට අධිකරණය තීරණය කළ බව සඳහන්.

ඊයේ දින අත්අඩංගුවට ගත් මරණ දඬුවම නියමව සැඟව සිටි අදාළ චූදිතයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ...

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ...

නිවෙස් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව,...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...