26.7 C
Colombo
Wednesday, January 22, 2025

පළාත් පාලන ඡන්ද විමසිම් පනත ගැන අධිකරණයට පෙත්සමක්

- Advertisement -

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් විභාගය සඳහා මේ මස 24 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාර්යප්පර් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම අද යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාල පෙත්සම කරුණු විභාගය සඳහා ලබන 24 වනදා කැඳවන ලෙසයි.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා අවලංගු කිරීමේ අරමුණින් රජය විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි.

යෝජිත පනත් කෙටුම් පතේ අන්තර්ගත කර තිබෙන ඇතැම් විධිවිධාන තුළින් ජනතාවගේ ඡන්ද අයිතියට බලපෑම් එල්ල වන බවත් මේ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරු සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

විවාහ වන වයස ගැන අලුත් යෝජනාවක්

ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වසය් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්...

පාසල් සිසුවිය පැහැරගත් සිදුවිමකට පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම්

දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිසි ලෙස රාජකාරී නොකිරීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේ...

අර්චුනාගේ නඩුවකට අධිකරණයෙන් නියෝගයක්

අධිකරණයේදී නිවැරදි සැකකරු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධ නඩුව කල් දැමීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කර තිබෙනවා. පාර්ලිමේන්තු සභාවාරයට...

POPULAR ARTICLES