27 C
Colombo
Friday, December 27, 2024

දේශබන්දුව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක්

- Advertisement -

පසුගිය මැයි 9 වනදා ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුවේ සැකකරුවෙකු වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම්කර අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ අරගලයට සහය දැක්වූ නීතිඥවරයෙක් වන රාමලිංගම් රංජන් මහතා විසිනි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම්කර තිබෙනවා.

පසුගිය මැයි 9 වනදා ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පවතින බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ද නිරීක්ෂණ කර ඇති බවයි පෙත්සම්කරු කියා සිටින්නේ.

මෙසේ කරුණු තිබියදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සැකකරුවෙකු වශයෙන් නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීමට වගඋත්තරකරුවන් මෙතෙක් ක්‍රියා කර නොමැති බව පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

මේ අනුව “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සැකකරුවෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

තවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන රඳවා තබා වැඩිදුර ප්‍රකාශයක් සටහන් කරගන්නා මෙන් පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියෝගයක් ද නිකුත් කරන මෙන් ද පෙත්සමෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනය සැබෑ වෙලා

චීන රජයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා ඒ අනුව, මහජන චීන සමූහ ආණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1888ක් ඉදිකිරීමට...

කෝටි 160ක් වංචා කළ අඹුසැමියන් රිමාන්ඩ්

මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 6 වනදා දක්වා රක්ෂිත...

POPULAR ARTICLES

ජර්මානු පාර්ලිමේන්තුව විසුරුවා හරියි

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ත්‍රි-මාර්ග සන්ධානය බිඳ වැටීමෙන් පසු, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් එරට පාර්ලිමෙන්තුව හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා. ඒ පෙබරවාරි 23...

NASA යානයක් සූර්යයා ළඟටම ගිහින්

නාසා ආයතනය මගින් යවන ලද අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ ආසන්නයට ළඟා වී තිබෙනවා. සූර්යයා ආසන්නයට ම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත් වූ යානාව ලෙසට එම යානාව ඉතිහාස...

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...