28 C
Colombo
Friday, September 20, 2024

වසන්ත මුදලිගේ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

- Advertisement -

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලගේ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කරනු ලබුවා.

එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය සියයට 05 ත් 07 ත් අතර පොලී ප්‍රතිශතයක් යටතේ ණය ලබාගත් බවයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ එම ප්‍රතිශතය 8.2%ක් දක්වා ඉහළ නංවා පසුව එය 7.4%ක් දක්වා අඩු කිරීමට රජය කටයුතු කර ඇති බව පෙත්සමේ සඳහන්.

මේ හේතුවෙන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් බිලියන 16.4ක ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 19.1ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මේ තුළින් ශ්‍රී ලාංකික ජනතාව වෙත අති විශාල ආර්ථික බරක් පැටවී තිබෙන බවත් පෙත්සම තුළින් පෙන්වා දී තිබෙනවා.

මෙම ණය මුදල් අමෙරිකානු නීතිය යටතේ ලබාගෙන තිබුණද එම ණයවලින් කොටසක් කප්පාදු කිරීමට හැකියාව තිබියදී රජය ඒ කෙරෙහි අවධානය යොමු නොකොට පොලී ප්‍රතිශතය ඉහළ නැංවීම හරහා මෙරට ජනතාවට විශාල අගතියක් සිදුකර ඇති බවත් පෙත්සමේ සඳහන්.

ඒ අනුව අදාළ ණය ප්‍රතිව්‍යුහගත ගත කිරීමේ වැඩපිළිවෙළ තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19) රාත්‍රියේ...

කුවේට් නව ශ්‍රී ලංකා තානාපතිවරයාට කාරක සභාවේ අනුමැතිය

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ් අනුව කුවේට් රාජ්‍යයේ නව ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස...

ශිෂ්‍යත්ව ප්‍රශ්න වට්සැප් දැමූ තිදෙනාට වැඩ වරදී

අනුරාධපුර - රත්මල්ලේ තිස්ස විදුහලේ විභාග ශාලාධිපතිවරයෙකු ඇතුලු තිදෙනෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔවුන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගත කර වට්සැප්...

POPULAR ARTICLES

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රනිල්ට උදව් කරන්න කියලා ගෝඨා මට කෝල් දෙනවා

0
රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. තමන් ක්‍රිකට්...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...