ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය පලකරමින් ගාලු මුවදොර ක්‍රියාත්මක ගෝඨාගෝගමට හා අග්‍රාමාත්‍යවරයාට විරෝධය පලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ක්‍රියාත්මක මයිනාගෝගමට හෙට (9) දිනයේ ප්‍රහාරයක් දියත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වමින් හෙට දිනයේ පාක්ෂිකයන් රැසක් අරලියගහ මන්දිරය ඉදිරිපිටට කැඳවා සිදුකරන රැස්වීමට සමගාමීව මෙම ප්‍රහාරය දියත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ සඳහා පාතාල සාමාජිකයන්ද යොදාගැනීමට නියමිතයි.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාරදී ඇති බවට එක්තරා පෞද්ගලික මාධ්‍ය නාලිකාවක් හරහා අසත්‍ය ප්‍රචාරයක් සිදුකිරීමේ මෙහෙයුමක්ද ක්‍රියාත්මක වී තිබෙනවා.
කෙසේවෙතත් අදාළ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය බවට මේ වන විටත් තහවුරු වී අවසන්.