27.3 C
Colombo
Monday, January 6, 2025

කාබනික සීනි නිෂ්පාදනය කිරීමේ සැලසුමක්

- Advertisement -

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (03) ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නිරීක්ෂණයට එක් වුණා.

එහිදී මෙම කර්මාන්තශාලාවල මේ වනවිටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් Eco Tourism ප්‍රවර්ධනය කිරීමටත් දැනට ලංකාව තුළ සිදුවන නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට විසඳුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනිවල ප්‍රධාන අතුරුඑලය වන එතනෝල් යොදාගනිමින් නිශ්පාදනය කළ හැකි මිල අඩු සහ ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළෙඳපොළට හඳුන්වාදීම පිළිබඳවත් අමාත්‍යවරයා විසින් මෙහිදී සොයා බැලුවා.

එමෙන්ම කාබනික පොහොර හා අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් කාබනික සීනි නිෂ්පාදනය හා අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් කාබනික සීනි නිෂ්පාදනය කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

තවද, සීනි නිෂ්පාදනය බෙදාහැරීම සඳහා ක්‍රමවත් බෙදාහැරීම් ජාලයක් ඇති කිරීමටත් සේවකයන්ගේ ඵලදායීතාව වැඩි කිරීම සඳහා කාර්ය දර්ශක සකස් කිරීමටත් මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

එමෙන්ම ගොවීන්ට ජලය ලබා ගැනීමේදි සිදුවන අපහසුතා අවම කිරීම සඳහා ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය හා එක්ව කඩිනමින් පියවර ගැනීම පිළිබඳවත් මෙම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබුණා.

RECENT ARTICLES - SINHALA

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්ගේ සහෝදරයා යළි රිමාන්ඩ්

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන...

පසුගිය වසර 5 තුළ රිය අනතුරුවලින් 12,000ක් මරුට

පසුගිය වසර 5ක් ඇතුළත සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,140ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ අනුව පොලිසිය සදහන් කළේ, 2020 වසරේ දී පුද්ගලයින් 2,363...

බස්නායක නිලමේ ගැටළුව ගැන බෞද්ධ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට වැඩ බැලීමට නිලමේවරයකු පත්කරන ලද්දේ පනතට අනුව මෙන්ම වගකීම් සහගතව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පවසනවා. අද...

POPULAR ARTICLES

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්ගේ සහෝදරයා යළි රිමාන්ඩ්

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන...

පසුගිය වසර 5 තුළ රිය අනතුරුවලින් 12,000ක් මරුට

පසුගිය වසර 5ක් ඇතුළත සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,140ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ අනුව පොලිසිය සදහන් කළේ, 2020 වසරේ දී පුද්ගලයින් 2,363...

පොලීසියේ අඩුපාඩු ගැන නීතිපති දෙපාර්තුමේන්තුවෙන් දැඩි තීරණයක්

සම්පූර්ණයෙන් විමර්ශන අවසන් නොකර පොලීසිය විසින් යොමු කරන වාර්තා සම්බන්ධයෙන් අපරාධ නඩු ගොනු විවෘත කිරීම හෝ අධිකරණයේ අධි චෝදනා ගොනු කිරීම නොකර සිටීමට නීතිපති...