32 C
Colombo
Wednesday, April 2, 2025

අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

- Advertisement -

මහබාගේ පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පැමිණිලිකරු විසින් ලබාදී ඇති අගරු චෙක්පත් 2කට අදාළව මහබාගේ පොලිස් ස්ථානයේ කර ඇති පැමිණිල්ල විභාග කර, ඉතිරි මුදල මාසික වාරික ලෙස ගෙවීමට ඉඩ සලසා දිමට හා පැමිණිලිකරු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රු 25,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත අදාළ පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට පත්ව තිබෙනවා.

වැලිසර ආර්ථිකයට ගමන් කරන මාර්ගයේ දී ඊයේ (03) සවස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.

අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. අභියාචනාධිකරණයේ...

හාල් ආනයනය තවදුරටත්

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා. අස්වැන්න නෙලන තත්ත්වයක්...

කච්චතිව් ගන්න තමිල්නාඩු ප්‍රධාන ඇමතිගෙන් යෝජනාවක්

තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා ගත හැකි එකම ස්ථිර විසඳුම...

POPULAR ARTICLES

වසර 56කට පසු ජාත්‍යන්තර තරගාවලියක් ලංකාවට

025 ආසියානු වයස අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය මැයි 12 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ...

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. අභියාචනාධිකරණයේ...

බැට්මෑන්ට රඟපෑ සුපිරි හොලිවුඩ් නළුවා සමුගනී

සුපිරි හොලිවුඩ් නළුවෙකු වන Val Kilmer අභාවප්‍රාප්ත වී තිබෙනවා. නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන විට 65 හැවිරිදි වියේ පසු වුණා. 1959 දෙසැම්බර් 31 වන දින...