29 C
Colombo
Wednesday, November 20, 2024

මුදල් වංචා කළ පොලිස් නිලධාරියෙක් මාට්ටු

- Advertisement -

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසනවා.

සැකකරු සන්තකයේ තිබි තාවකාලික රියදුරු බලපත්‍ර 2ක් තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ, මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු පුද්ගලයකුට ලබාදී තිබූ තාවකාලික රියදුරු බලපත්‍රයක් ඔහුගෙන් උදුරා ගෙන මුව තුළට දමා ඉරා විනාශ කර තිබූ බවයි.

බොරලැස්ගමුව – වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසල දි වංචාකාරී පුද්ගලයෙක් අල්ලාගෙන සිටින බවට බොරලැස්ගමුව පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

නුවරඑළිය ගොල්ෆ් පිටියේ වසර 100කට වඩා පැරණි ගස් 50ක් කපන්න තීරණයක්

නුවරඑළිය ගොල්ෆ් ක්‍රිඩාංගණයේ ගස් කිහිපයක් විනාශ කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් ප්‍රදිප් දලන්සුරිය මහතා සඳහන්...

සුජීවගේ සැප වාහනේ ගැන කියන්න රංගා CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ තිබෙන සුජීව සේනසිංහ මහතාගේ V8 රථය...

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

ක්‍රිඩා අමාත්‍යවරයෙකු ලෙස සිටි කාලයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක්  මිලදී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා...

POPULAR ARTICLES