බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන තුළ ඊයේ (23) පස්වරුවේ ඇති වූ පිපිරීමේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙහිදී කඳුළු ගෑස් බෝම්බයක් පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එම පිපිරීමෙන් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
කොළඹ නගර සභාව අසළ ඊයේ (24) පස්වරුවේ පැවැති විරෝධතාවක් පාලනය කිරීමට රැගෙන ගිය කඳුළු ගෑස් බෝම්බයක් නැවත රැගෙන ඒමේදී මෙලෙස පුපුරා ගොස් ඇති බවයි පොලීසිය සැකපළ කරන්නේ.
කෙසේ වෙතත් නාරාහේන්පිට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.