24 C
Colombo
Saturday, January 25, 2025

අල්ලසක් ගත් පොලිස් නිලධාරියෙක් මාට්ටු

- Advertisement -

රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලස පැමිණිල්ලකට අදාළව අදාළ පොලිස් සැරයන්වරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරිබාව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙක්.

පැමිණිලිකරු විවාහ වී සිට දැනට ඔහුව අතහැර ගොස් සිටින බවත් තම බිරිඳට විරුද්ධව පැමිණිලිකරු විසින් පවරන ලද වන්දි නඩුවට අදාළව බිරිඳට ඇති වරෙන්තුව ක්‍රියාත්මක කර බිරිඳ අධිකරණයට ඉදිරිපත් කිරීට කටයුතු කිරීමට අදාළ පොලිස් සැරයන්වරයා රුපියල් 20,000ක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙනවා.

අදාළ අල්ලස් මුදල ලබා නොදෙන්නේ නම් පැමිණිලිකරුට විරුද්ධව යම් නීති විරෝධී කටයුත්තක් සම්බන්ධකර නඩු පවරා සිරගත කිරීමට කටයුතු කරන බවත් එසේ සිදු නොකිරීමට අදාළ මුදල ලබා දෙන ලෙසත් අදාළ පොලිස් නිලධාරීවරයා පැමිණිලිකරුට දන්වා තිබෙනවා.

ඒ අනුව, අදාළ අල්ලස් මුදල ලබා ගැනීමට යාමේදී මෙම පොලිස් නිලධාරියා පැමිණිලිකරුගේ නිවසේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගල්කිස්ස වෙඩි තැබීමට අදාළ සැකකරු අත්අඩංගුවට‍

ගල්කිස්ස ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුව අද (24) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, සැකකරුට ඝාතනය සඳහා රුපියල්...

තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ ඉන්දියන් ජාතිකයෙක් රටින් පලා ගිහින්

පසුගිය වසරේ මහනුවර පල්ලේකැලේ පැවැති ලෙජනඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට යෝජනා කළ බව කියන කණ්ඩායමක හිමිකරුවෙකු රටින් පළා ගොස් ඇතැයි කරුණු අනාවරණය වී...

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහන

ගංවතුරෙන් පිඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් යොදවා තිබෙනවා. අනුරාධපුර පදවිය, බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ වෙතත්, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල...

POPULAR ARTICLES

ගල්කිස්ස වෙඩි තැබීමට අදාළ සැකකරු අත්අඩංගුවට‍

ගල්කිස්ස ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුව අද (24) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, සැකකරුට ඝාතනය සඳහා රුපියල්...

තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ ඉන්දියන් ජාතිකයෙක් රටින් පලා ගිහින්

පසුගිය වසරේ මහනුවර පල්ලේකැලේ පැවැති ලෙජනඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට යෝජනා කළ බව කියන කණ්ඩායමක හිමිකරුවෙකු රටින් පළා ගොස් ඇතැයි කරුණු අනාවරණය වී...

2024 වසරේ ටෙස්ට් කණ්ඩායමට කමිඳු නම් කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (24) නම්කළ 2024 වසරේ ටෙස්ට් කණ්ඩායමට කමිඳු මෙන්ඩිස් ඇතුළත් කර තිබෙනවා. කමිදුට මෙම කණ්ඩායමේ 6වන ස්ථානය හිමිව තිබෙනවා....