මෙරට 36 වන පොලිස්පතිවරයා වන දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අද (28) පෙරවරුවේ ඔහුගේ නිවසට ගොස් ඇතත් මේ වන විට එම නිවසෙන් ඔහු පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා තෙන්නකෝන් මහතා සිටිය හැකි යැයි විශ්වාස කළ හැකි ස්ථාන කිහිපයක් පරික්ෂා කිරීමට තවත් පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝගයක් නිකුත් කරනු ලැබූවා.
ඒ 2023 දෙසැම්බර් 31 වනදා මාතර – වැලිගම – පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළවයි.