නවතා ඇති බඩඉරිඟු ආනයනය නැවතවරක් ආරම්භ කිරීමට ඉදිරියේදී සිදුවනු ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
එම කාරක සභාව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 28 වනදා පාර්ලිමේන්තුවේදී රැස්ව තිබුණා.
එහිදී මෙරටට අවශ්‍ය බඩඉරිඟු තොග සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බව සඳහන්.
ඒ අනුව සත්ත්ව අහාර සඳහා 2024 සිට 2025 ජනවාරි 31 වැනිදා දක්වා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 275,000 අසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇති බව නිලධාරීන් කාරක සභාවට දැන්වූවා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගිය ජනවාරි 31න් පසු බඩ ඉරිඟු ආනයනය නතර කර ඇති බව පැවසුවා.
කෙස් වෙතත් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක වාර්ෂික අවශ්‍යතාවය පවතින නමුත් මෙරට බඩඉරිඟු නිෂ්පාදනය එම අවශ්‍යතාවය සපුරාගැනීමට ප්‍රමාණවත් නොවන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියා.
මෙහිදී බඩඉරිඟු ආනයනය කරන්නේ නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ටද අවස්ථාවක් ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.
එමෙන්ම මේ වන විට මෙරට බඩඉරිඟු වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටයාර විසිදහසක් දක්වා වැඩි කිරීමේ සැළසුමක්ද සකස් කර තිබෙන බවද කාරක සභාව පවසා සිටියා.
මේ අතර විශේෂයෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනයට අප්‍රේල් 01 වැනිදායින් පසුව අනුමැතිය ලබා දීමට ද ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාකච්ඡා වී තිබෙනවා.