28 C
Colombo
Sunday, March 16, 2025

පාරිභෝගික අයිතිවාසිකම් රකින්න Clean Sri Lanka යටතේ වැඩසටහනක්

- Advertisement -

අදට (15) යෙදී ඇති ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සමාජය තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීමේ වැඩසටහනක් “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා..

ඒ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය සහ කෘෂිකර්ම අමාත්‍යාංශවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පෙන්වා දුන්නේ පුරවැසියාට ගුණාත්මක සහ සුරක්ෂිත ආහාර වේලක් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබෙන ප්‍රතිපත්ති හා සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවයි.

පාරිභෝගිකයන්ට ගුණාත්මක සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පාරිභෝගිකයන්ට සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම, පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වය ලබා ගැනීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක්  කෙරුණා.

ආහාර ප්‍රමිතිකරණය සහ ගුණාත්මකභාවය සඳහා මෙරට තිබෙන ප්‍රතිපත්ති සහ සැලසුම් ප්‍රායෝගික තලයට ගෙන ඒමට “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හරහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික ඉලක්ක සපුරා ගැනීම, නිෂ්පාදන භෝග සුරක්ෂිත කිරීම සහ ගබඩාකරණය සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා”  වැඩසටහන ඒකාබද්ධ කර ගැනීම පිළිබඳවද අවධානය යොමු වී ඇති අතර  ආපනශාලා සහතිකකරණය, වීදි වෙළෙඳුන් නියාමනය, වීදි ආහාර ස්ථාන හා රථ ලියාපදිංචි කිරීම, පුද්ගල පුහුණු ලියාපදිංචිය සම්බන්ධයෙන් දැනට පවතින නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරු සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය, වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල සහ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, කාර්මික තාක්ෂණ ආයතනය, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සහ මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ දැනුම්දීමක්

රජ්‍ය සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපළ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ දී අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ නිලධාරීන්, සේවකයන්...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව  අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය...

මැදිරිගිරිය සංගීත ප්‍රසංගයේ කළහාකාරී ලෙස හැසිරුණු 6ක් මාට්ටු

මැදිරිගිරිය, දිවුලන්කඩවල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ මැදිරිගිරියේ පදිංචි හය දෙනෙකු...

POPULAR ARTICLES

මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ දැනුම්දීමක්

රජ්‍ය සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපළ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ දී අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ නිලධාරීන්, සේවකයන්...

අමෙරිකාවට ප්‍රබල ටොනේඩෝවක්

අමෙරිකාවේ ගිනිකොණදිග කලාපය ඔස්සේ හමාගිය ප්‍රබල ටොනේඩෝ තත්ත්වයකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙහි වැඩිම බලපෑම මිසූරි ප්‍රාන්තයට එල්ල වී...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව  අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය...