රටේ ආහාර හිඟයක් සමඟ සාගතයක් ඇති වන බවට ඇතැම් පුද්ගලයන් පවසන නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ, ඊයේ (11) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී රටේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමඟ පැවැති සාකච්ඡාවකදීයි.
එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කෙරෙන මුදලට අතිරේකව ඒ ඒ අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25000ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.
නිෂ්පාදන ආර්ථිකයක් තුළ අවධානය යොමු කළ යුතු වන්නේ නිෂ්පාදන සඳහා ගෙවන මුදල වැඩි කිරීමට නොව නිෂ්පාදනය වැඩි කිරිමට බවත් එමඟින් නිෂ්පාදකයාටත් පාරිභෝගිකයාටත් රජයටත් ආර්ථික වාසි සැලසෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.