25.7 C
Colombo
Monday, December 16, 2024

ජනපති අනුරගෙන් අගමැති මෝදිට පොරොන්දුවක්

- Advertisement -

ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදාගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව තමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීට පොරොන්දු වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් ජනාධිපතිවරයා  අද (16) මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී මාධ්‍ය හමුව අමතමින් ජනාධිපති අනුර කුමාර මහතා පැවසුවේ, තමාගේ ඉන්දීය සංචාරය දෙරට අතර සහයෝගය වර්ධනය කිරීම සඳහා උපකාරි වනු ඇති බවයි.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ආරාධනා කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් බවත් එම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව මහත් සහයෝගයක් ලබා දුන් බවන් අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සිහිපත් කළා.

සිය සංචාරය සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ස්ථාපිත වූ මැතිවරණ ක්‍රම තුළින්  දෙරටේම ජනතාව සිය ජනමතය ඉදිරිපත් කර ඇති පසුබිමක බවත් එය දෙරටේම දේශපානයේ වැදගත් සංධිස්ථානයක් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ  තනි ජනවරමක් යටතේ මෙතෙක් තේරී පත්වූ වැඩිම නියෝජිතයින් සංඛ්‍යාවක් වත්මන් පාර්ලිමේන්තුවේ සිටින බව සතුටින් දන්වා සිටින බවද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

ඔහු තවදුරටත් අවධාරනය කළේ ධර්මය ඉගැන්වීමේ, බෙදා ගැනීමේ සිට අපගේ සංවර්ධන ප්‍රගතියේ කොටස් කරුවෙක් දක්වා ඉතිහාසය පුරාවට ඉන්දියව ශ්‍රී ලංකාවේ වර්ධනයේ සහ සංවර්ධනයේ කොටස්කරුවෙකු වී තිබෙන බවයි.

ඉන්දියාවේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේදී අති විශාල සාර්ථකත්වයක් ලඟා කර ගෙන ඇති අතර ශ්‍රී ලංකාවද එම මාර්ගයේ ගමන් කරමින් සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම උත්සාහයට ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දෙන බවට තමාට පොරොන්දු වූ බවත් ජනාධිපතිවරයා පවසා සිටියා.

තවද රටවල් දෙකටම වසංගතයක් බවට පත්ව ඇති ධීවර ප්‍රශ්නයට කල් පවත්නා සහ තිරසාර විඳුමක් සෙවීමට අවශ්‍ය බවත් එම ධීවර කලාපයන් තුළ ධිවරයන් නීති විරෝධි ක්‍රම භාවිත කරන බැවින් එම තත්ත්වයන් හේතුවෙන් ධීවර කර්මාන්තය විනාශයට පත්වන බවත් එය අවසන් කිරීමට පියවර ගන්නා ලෙස තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ගාල්ල බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 540ක්

වසරේ මේ දක්වා ගත වූ කාලය තුල ගාල්ල බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 540 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා. වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය...

ඇළක බිලිඳු මළ සිරුරක්

මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසනවා. පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ කම්කරු සේවකයන්...

සහල් වැඩිමිලට විකුණූ වෙළෙඳසැල්වලට වුණ දේ

උත්සව සමයේ මේ දක්වා කාලය තුළ සහල් පාලන මිලට අලෙවි නොකිරීම සම්බන්ධ වැටලීම් 342ක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එම අධිකාරියේ සභාපති...

POPULAR ARTICLES

ගාල්ල බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 540ක්

වසරේ මේ දක්වා ගත වූ කාලය තුල ගාල්ල බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 540 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා. වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය...

ඇළක බිලිඳු මළ සිරුරක්

මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසනවා. පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ කම්කරු සේවකයන්...

රජයේ ආධාර වැඩසටහනක් ගැන දැනුම්දිමක්

'ජනපති ප්‍රදානය' නමින් රජයේ ආධාර වැඩසටහනක් පිළිබඳව සංසරණය වන පුවත අසත්‍යක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එවැනි වැඩසටහනක් පිළිබඳව සමාජ මාධ්‍ය...