වගාවට හානි කරන රිලව් මරා දැමිය යුතු බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පවසනවා.
වගා බිමට පැමිණෙන රිලව් මරා දැමීමට අවශ්‍ය බවට ලාල් කාන්ත අමාත්‍යවරයාද පවසා තිබුණු බවට සඳහන් කරමින් දිලිප් මන්ත්‍රීවරයා කියා සිටියේ, තමන්ද එම කතාව අනුමත කරන බවයි.
එබැවින් රිලවුන්ගේ ගැටලුවට ආණ්ඩුව වහාම වැඩපිළිවෙළක් සකසා දිය යුතු බව මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
” අපිට තුන්වේලට කන්න පොල් ඕන.බත් ඕන. මාළු ඕන. ඒවා අපේ ප්‍රධාන ආහාර.රිලා ප්‍රශ්නයට ආණ්ඩුව වහාම වැඩපිළිවෙළක් හදන්න ඕන”
කෙසේවෙතත් සිය වගා බිමට පැමිණෙන ඕනෑම වන සතෙකු මරා දැමීමට ගොවීන්ට කිසිදු නීතිමය බාධාවක් නැති බවට ලාල්කාන්ත අමාත්‍යවරයා පසුගිය වසරේ දෙසැම්බර් මසක පාර්ලිමේන්තුවේ දී පවසා සිටි අතර මෙය වගකීම් විරහිත බරපතළ ප්‍රකාශයක් බව විවිධ පාර්ශ්වයන් විසින් චෝදනා එල්ල කළා.
Related

තමාගේ පුත්‍රයාට පොලිස් නිළධාරීන් පහරදුන් බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා අද (05) වීරකැටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා. ඒ අනුව අදාළ සිද්ධිය ගැන සාධාරණ විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටින බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. එසේම හෙට (07) දිනයේ තම පුත්‍රයා සහ පුත්‍රයාගේ බිරිඳ පොලිසියට ඉදිරිපත්…

හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කර වන අලි ගැටළුවට වහාම විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා සූරියවැව වල්සපුගල වැව් තාවුල්ලේ ගොවීන් පිරිසක් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය පැවති ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25) සවස පැමිණියා. මෙහිදී සත්‍යග්‍රහයේ නිරත ගොවින් හා ඊට සහාය පළකරමින් එක්ව සිටි මහා සංඝරත්නය…

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ පොලිසිය සමඟ ගැටුමක් ඇති කරගෙන තිබෙනවා. ඒ, රථවාහන රාජකාරි කරන නිලධාරින් පිරිසක් සමඟයි. එහිදී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ අතිශය අසභ්‍ය වචනවලින් පොලිස් නිලධාරින්ට බැණ වැදී ඇති බව ද වාර්තා වනවා. ඒ බව සනාථ කරන වීඩියෝ පටයක් ද…