බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වූ පසුව හිස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එම පක්ෂයෙන් නම් කළ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට විරොධය පලකරමින් මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙනවා.
කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට ඇති ධම්මික පෙරේරා මහතාගේ සුවිසල් මන්දිරය ඉදිරිපිටට රැස්වූ විරෝධතාකරුවන් පිරිසක් ඔහුට විරෝධය පලකරමින් සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
ධම්මික පෙරේරා මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයද රැගෙන ඇති අතර ඔහුගේ පසුගිය ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ජනතා අප්‍රසාදයට පත්ව තිබෙනවා.
රතුපස්වල වෙඩිතැබීමේ සිදුවීමත්, මෙරටට සායනික අපද්‍රව්‍ය සහිත කසල කන්ටේනර් ආනයනය කිරීමත්, බදු පැහැර හැරීමේ චෝදනාවන් රැසක් පිළිබදව විරෝධතා පාඨ සහිතව අදාළ විරෝධතාවය ක්‍රියාත්මක වුණා.
ඊට අදාළ දර්ශන පහතින්,