ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට විරෝධය පලකරමින් මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති, දේශපාලඥයින්, කලාකරුවන් සහ සිවිල් ක්‍රියාකාරීන් එක්ව අද උදේ 9.00ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරත වුණා.
මෙහිදී ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් වන ලිපියක් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයින් වෙත භාරදුන්නා.
මාධ්‍යවෙත අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ මේ වන විට රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට තුඩුදුන් සීනි බදු වංචාව , සුදු ලූනු වංචාව සැක කළ අයවලුන් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සියලු දෙනා අත්අඩංගුවට ගෙන විධිමත් පරීක්ෂණ පවත්වන ලෙසත් සමාජයට තොරතුරු සපයන ජනමාධ්‍යවේදීන් ගෙන් ප්‍රශ්න කිරීම නොකරන ලෙසයි.
ඊට අදාළ දර්ශන පහතින්,