මෙරට ප්‍රමුඛ පෙළේ ආයතනවල සන්නාම අවභාවිතා කරමින් විදෙස් රටවලින් ව්‍යාජ නිෂ්පාදන මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව අනාවරණය වී තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ මෙම ජාවාරම්කරුවන් රූපලාවන්‍ය ආලේපන වර්ග, චොකලට්, බිස්කට් ඇතුළු නිෂ්පාදන මෙරටට ව්‍යාජ ලෙස ගෙන්වන බවයි.
මේ සම්බන්ධයෙන් එම සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.
මේ හේතුවෙන් තම සමාගම් මෙන්ම පාරිභෝගික ජනතාවද අනතුරට ලක්වන බවද ඔවුන් පෙන්වා දෙනවා.