24.9 C
Colombo
Monday, November 25, 2024

ඉදිරි පැය 24ට කාලගුණයෙන් රතු නිවේදනයක්

- Advertisement -

දිවයින වටාවන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (25) පස්වරු 04:00ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (26) පස්වරු 04:00 දක්වා පැය 24 කාලයක් වලංගුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.  

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය අද (25) උදෑසන මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව එම නිවේදනයේ සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසන්නේ එම පද්ධතිය අද පෙ.ව 1130 පමණ වනවිට ත්‍රිකුණාමලයට කී.මී. 530ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබූ බවයි.

එය ඉදිරි පැය 24 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි. 

එමෙන්ම, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව, අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයින් බේරා ගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගෙන තිබෙනවා. ඔවුන් ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සඳහා...

නායයෑමේ අවධානම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කෙරේ

දිවයිනට බලපා ඇති වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 06 කට නිකුත් කළ නායයෑමේ අවධානම් නිවේදනය තවත් පැය 24 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල,...

දේශීය ඇඟලුම්වලින් උපයන අපනයන ආදායමේ ඉහළ යෑමක්

මෙම වසරේ දේශීය ඇඟලුම් කර්මාන්තයෙන් උපයා ඇති අපනයන ආදායම ඩොලර් බිලියන 4.5 ඉක්මවා යනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසනවා. එම සංසදය සඳහන් කරන්නේ...

POPULAR ARTICLES