26 C
Colombo
Sunday, December 15, 2024

හිඟ බදු නොගෙවන අයට රතු එළියක්

- Advertisement -

2023 / 2024 තක්සේරු වර්ෂයේ හිඟ බදු ලබන 26 වැනි දාට පෙර ගෙවන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

එහි කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ, එම දිනට පෙර බදු ගෙවීමට අපොහොසත් වන පුද්ගලයින්ට හා සමාගම්වලට කිසිදු දඩ සහනයක් හිමිනොවන බවයි.

මෙතෙක් නොගෙවූ ස්ව-තක්සේරු බදු හා හිඟ බදු අය කර ගැනීම සඳහා ක්ෂේත්‍ර සමීක්ෂණ සහ දේශීය ආදායම් අණ පනත් අනුව නීතිමය කටයුතු සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

ඔවුන්ට එරෙහිව 2025 වසරේ ජනවාරී මාසයේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඇය සඳහන් කළේ.

එලෙස බදු නොගෙවන පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලින් පෙර දැනුම්දීමකින් තොරව මුදල් අය කර ගැනීමට නියමිතයි.

ඊට අමතරව හිඟ බදු මුදල් ප්‍රමාණය අනුව අපරාධ නඩු පැවරීමට පියවර ගන්නා බව ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.
 
RECENT ARTICLES - SINHALA

කැලිෆෝනියාවට ටොනේඩෝ අවදානමක්

කැලිෆෝනියාවේ - සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැයට කිලෝමීටර 96 ක වේගයෙන් ගමන් කරන සුළං හේතුවෙන් නගරයේ...

සිරීපාදේ වන්දනා කරන්න නීති මාලාවක්

ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (14) උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ වුණා. ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල පුරාණ ශ්‍රී පාද විහාරස්ථානයේ සිට සාධාතුක කරඩුව, සමන්දේව ප්‍රථිමාව...

ලංවිම ණය බර බිලියන 289.4ක්

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවිය යුතු ණය සහ ව්‍යාපෘති ණය වශයෙන් මෙම වර්ෂයේ ජූනි මස අවසානය වන විට රුපියල් බිලියන 289.4ක මුදලක් ගෙවීමට තිබූ...

POPULAR ARTICLES