31 C
Colombo
Tuesday, October 15, 2024

කාලගුණයෙන් රතු නිවේදනයක්

- Advertisement -

තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා වඩාත් සැලකිලිමත් වෙන ලෙස දැනුම් දී තිබෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (15) උදෑසන 05.30 පමණ වනවිට හොඳින් සලකුණු වූ අඩු පීඩන කලාපයක් බවට පත්ව මධ්‍ය බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවති බවයි.

එය ඉදිරි දින 2 තුළ පීඩන අවපාතයක් බවට පත්වීමට ඉඩ ඇති අතර එම මුහුදු ප්‍රදේශයේ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ උතුරු තමිල්නාඩුව, පුදුචේරි සහ යාබද දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය දෙසට ගමන් කරනු ලබන බව එම දෙපාතුමේන්තුව පවසනවා.

උතුරු අක්ෂාංශ 07ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 81 සහ 90 ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ.කි.මී. 60-70), සමගින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ඩයනාට එරෙහි නඩු හතක සාක්ෂිකරුවන්ට නොතීසි

හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පවරන ලද නඩු හතක සාක්ෂි විභාගය ලබන 24 වැනි දින පවත්වන ලෙස කොළඹ ප්‍රධාන...

පාසල් විවෘත කිරීම ගැන නිවේදනයක්

ජල ගැලීම් සහ අවතැන් කඳවුරු පවතින පාසල් හැර බස්නාහිර සහ දකුණු පළාත්වල ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ සියලු පාසල් හෙට (16) විවෘත කෙරෙන බව...

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු නිකුත් කිරීම වළක්වන්නැයි ඉල්ලා පෙත්සමක්

පසුගිය සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

පාසල් නිවාඩු දීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...