24.9 C
Colombo
Thursday, November 28, 2024

ජනපති සටන අතරතුර කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්..!

- Advertisement -

දේශපාලන පෙරළි මැද තීරණාත්මක දිශානතියකට ශ්‍රී ලංකාව යොමුව ඇති පසුබිමක කොළඹ කොටස් වෙළෙඳපොළෙහි කැපී පෙනෙන වර්ධනයක් ඊයේ (19) දිනයේ දී වාර්තා විය.

පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා නාම යෝජනා කැඳවීම ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී සිදු වූ අතර එහිදී විපක්ෂ නායකවරයා මෙම සටනින් අඩියක් පසුපසට ගොස් තමා සහ තම පිලේ සහාය පොදුජන පෙරමුණු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වෙත ලබා දෙන බවට නිවේදනය කෙරුණි.

මේ අනුව වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ හා ඩලස් අලහප්පෙරුම අතර ද්වන්ධ සටහනකට සීමා නොවූ මෙම තීරණාත්මක ඡන්ද විමසීම තුන්කොන් සටනක් දක්වා මේ වන විට පත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේ ආසන 3ක් පමණක් ඇති ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානයක ද පොර පිටියට අවතීර්ණ වීම හෙතුවෙනි.

මෙහි අවසාන ප්‍රතිඵලය අද දිනයේ දී දැකගත හැකිවනු ඇත.

කෙසේවෙතත් මෙම පසුබිම තුළ ඊයේ දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ‌සියලු කොටස් මිල දර්ශකය ඒකක 107.51 ක වර්ධනයක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී එය ඒකක 7,644.12 ක් ලෙසින් සටහන්ව තිබුණි. එය පෙර දිනයට සාපේක්ෂව 1.43% ක වර්ධනයක් වේ.

මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 36.38 කින් හෙවත් 1.50% කින් ඉහළ‌ෙ ගොස් ඒකක 2,459.45 ක් ලෙසින් සටහන්ව තිබේ.

රු. බිලියන 1.11 ක වටිනාකමකින් යුතු සමාගම් කොටස් ප්‍රමාණයක් ඊයේ දිනයේ දී ගනුදෙනු වී තිබුණි.

කොමර්ෂල් බැංකුව, රිචඩ් පීරිස්, සම්පත් බැංකුව, ලංකා දුම්කොළ සමාගම සහ ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් යන සමාගම් කොටස්වල මිල ඉහළ යාම් දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩි දායකත්වයක් ලබා දෙන ලදී.

RECENT ARTICLES - SINHALA

අම්පාර ට්‍රැක්ටර් අනතුර:රියදුරුගේ මළ සිරුර හමුවෙලා

අම්පාර කාර්තිව් ප්‍රදේශයේ දී සිදුවූ ට්‍රැක්ටර් රථ අනතුරින් දියේ ගිලී අතුරුදන් වු බවට වාර්තා වු ට්‍රැක්ටර් රථයේ රිය සහායක කාර්තිව් පොලිස් ස්ථානයට පැමිණ ඇති...

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

POPULAR ARTICLES