31 C
Colombo
Monday, November 18, 2024

සුජීවගේ ජීප් රිය ගැන රස පරීක්ෂකට සිහි කැඳවීමක්

- Advertisement -

නීතිවිරෝධීව එකලස් කළ බවට චෝදනා එල්ල වී ඇති සුජීව සේනසිංහ මහතාගේ රුපියල් කෝටි දහයක් පමණ වටිනා V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද (18) අධිකරණයට ලැබී නොමැති බව වාර්තා වෙනවා.  

ඒ අනුව, මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීමේ ලිපියක් නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

එහිදී සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කර ඇත්තේ කළේ මෙම වාහනය සම්බන්ධයෙන් සෙට්ටිකුලම අධිකරණයේ නඩුවක් විභාග වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙර දිනයේ කරුණු දක්වා ඇතත් එම නඩුව මේ වනවිටත් අවසන් වී ඇති බවයි.

ඒ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ තිබෙන මෙම ප්‍රශ්නගත වාහනය සුජීව සේනසිංහ මහතාට නිදහස් කරන ලෙසද එහිදී ජනාධිපති නීතිඥවරයා ඉල්ලීමක් කර තිබෙනවා

කෙසේවෙතත්, කරුණු සලකාබැලීමෙන් අනතුරුව රස පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ලබන 25 වනදා සිද්ධිය සම්බන්ධ නඩුකරය නැවත කැඳවීමට කොටුව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

පරණ කැබිනට් එකෙන් ඉතුරු වුණේ එක්කෙනයි

පසුගිය රනිල් වික්‍රමසිංහ රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් විසි දෙදෙනාගෙන් අමාත්‍යවරුන් 21 ක් දෙනෙක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ගෙදර ගොස් තිබෙනවා. ඒ අනුව පැරණි කැබිනට්...

වෑන් රථයක් සොරකම් කළ තරුණයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 83 කට ආසන්න වටිනාකමින් යුතු වෑන් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28...

රවීගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද...

POPULAR ARTICLES