28 C
Colombo
Sunday, September 15, 2024

රනිල් එක්ක ඉන්න වීඩියෝ එක ගැන මරික්කාර්ගෙන් පිළිතුරක්

- Advertisement -

මීට මාස ගණනකට පෙර පක්ෂයේ හිතවතෙකුගේ අවමංගල්‍යයට සහභාගී වන අතරතුර  සිදුවූ කතාබහක් සංස්කරණය කරමින් තමාව දේශපාලන මඩගැසීමකට ලක් කර ඇති බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසනවා.

පසුගිය දින කිහිපයේ සමාජයේ දැඩි අවධානයට ලක් වූ මරික්කාර් – රනිල් හමුව පිළිබඳව අදහස් දක්වමින් එස්. එම්. මරික්කාර් මහතා මේ බව සඳහන් කළා.

ඔහු පවසන්නේ සභාවක් මැද සිදු කළ කතාවක් පෞද්ගලිකව  සිදුවූ කතාවක් ලෙස හුවා දක්වමින් දේශපාලන මඩ ගැසීමකට මෙය පාවිච්චි කරමින් ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා,

“රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැටිල තියෙන තත්වය ගැන මට හරි ලැජ්ජයි. මීට මාස ගානකට කලින් පිළියන්දල මළ ගෙදරකදි හම්බ උනාම එතුමාම මට ලඟට එන්න කියල කතාකරල වාඩි කරගෙන, එතුමාම කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් එක දෙන එක ගැන එයා හිතනව කියල, ඒක කිව්වම ඉතිං මම කිව්ව මුදල් ඇමතිවරයා හැටියට අත්සන් කරන්න බලය තියෙන්නෙ ඔබතුමාට තමයි, ඔබතුමා ගෙ කැමැත්තක් කරන්න කියල.

දැන් ඒක මාස ගානක් තියාගෙන ඉඳල රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙරේදා රෑ ඒක දාල තියෙනව. එදා ඒ සාකච්ඡාවෙන් පස්සෙ නැගිටලා යනකොට එතුමා කිව්ව ඔන්න ඔක්කොම රෙකෝඩ් වෙලා  තියෙන්නෙ කියල. ඉතිං මං අවංකව ජනතාව ඉස්සරහ කතාකළේ.

එක දෙයක් පැහැදිලිව කියන්න ඔින. රනිල් වික්‍රමසිංහ මැතිතුමා රාජපක්ෂ කල්ලියත් එක්ක එකතු වෙලා ජනාධිපති වෙන්න හදනකොටත් මට පාර්ලිමේන්තුවෙදි පෞද්ගලිකව කතාකරල ඇමතිකමක් ගන්න කිව්ව. මම එයාගෙ පැත්ත පළාතකටවත් ගියේ නැහැ.

එනිසා මේ රටේ ජනතාවගේ ධනය මංකොල්ල කාපු දේපළ සොරාකාපු කට්ටියත් එක්ක එතුමට එකතුවෙලා ඉන්න පුළුවන්  උනාට අපිට බෑ. අපි ප්‍රතිපත්තිත් එක්ක ජීවත් වෙන්නෙ. ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කරන්නෙ.

එනිසා මේව එඩිට් කරල, දේශපාලන බංකොලොත්භාවයට.. පරාජයේ අඳුරු සෙවනැලි දකිනකොට.. එයා මේක දානව. මේකෙන් එක දෙයක් එලි වෙනවා, රතු අලි පැටව් කොළ අලි පැටව් එක්ක තියෙන ඩීල් එක. කොල අලි පැටව් පරණ වීඩියෝ එඩිට් කරල දානකොට ඒක ඇදන් යන්නෙ රතු අලි පැටව්…”

RECENT ARTICLES - SINHALA

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ, ගතවූ පැය 24 තුළ...

සජිත්ගේ ආරක්ෂක රථයක ගැටී දෙදෙනෙක් රෝහලට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක අංශයට යොදවා තිබු ආරක්ෂක අංශ රථයක යතුරු පැදියක් ගැටිමෙන් දෙදෙනෙකු තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා....

මෙරටට එන අමෙරිකානුවන්ට විශේෂ පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා....

POPULAR ARTICLES

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...

බදුල්ලේ බිහිසුණු අනතුරක්

බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...