30 C
Colombo
Friday, December 20, 2024

පඩි ඩබල් කරගත්ත කතාවට සිපෙට්කෝ සභාපතිගෙන් උත්තරයක්

- Advertisement -

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වත්මන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් ජාතික පුවත්පතක පළ වූ පුවතක අඩංගු කරුණු සාවද්‍ය බව පවසමින් ඛනිජතෙල් නීතිගත සංස්ථා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 එම කරුණු සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව එම නිවේදනයේ සඳහන්.

මාධ්‍ය වෙත නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්න්නේ එම සාවද්‍ය පුවත සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කරන බවයි.

” තෙල් සංස්ථාවේ සභාපති පඩිය හා දීමනා දෙගුණයකින් වැඩි කරගෙන – තෙල් අධ්‍යක්ෂවරු මහජන මුදලින් කජු කති ” යන මැයෙන් පසුගිය 18 වැනිදා මෙරට ජාතික පුවත්පතක මුල් පිටුවේ ප්‍රවෘත්තියක් පළ වී තිබුණා.

ඊට අදාළ සියලු පාර්ශ්වයන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් එම ප්‍රවෘත්තියේ පළ වූ ඇතැම් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මාධ්‍ය වෙත නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත්කර තිබූ මෙම නිවේදනය මාධ්‍යයේ පළ කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාධ්‍ය ආයතන වෙත දැනුම් දීමක්ද කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කුඩු සළිඳුට ඇප

සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා...

උත්සව සමය වෙනුවෙන් පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

එළැඹෙන නත්තල් හා අලුත් අවුරුදු උදාවත් සමග මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සුදානම් කර තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,...

හිමාලි අරුණාතිලක වංචාවක් සිදුකර නැහැ – ඇමති විජිත

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කළ හිමාලි අරුණාතිලක මහත්මිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය විජිත හේරත්...

POPULAR ARTICLES