28 C
Colombo
Monday, April 14, 2025

දුරගමන් සේවා බස් රථවලින් ඉල්ලිමක්

- Advertisement -

දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සොයාබැලීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ යුතු බව බස් සංගම් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ ආපන ශාලාවන් හි ආහාර අපිරිසිදු වීම සහ වැසිකිළි කැසිකිළි පහසුකම් ගුණාත්මක භාවයෙන් තොරව පවත්වාගෙන යන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

ආහාර පාන ප්‍රශ්නය සහ සෞඛ්‍ය ප්‍රශ්නය වසර ගණනාවක් පුරා පවතින බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියා.

මේ අතර,  දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල වැඩිමිලට ආහාර සපයන බවට ලද පැමිණිලි හේතුවෙන් එවැනි ස්ථාන වැටලිමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

එහි පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසන්නේ අදාළ ආපනශාලාවන් හි ආහාර පාන සහ භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම සහ වැඩිමිලට අලෙවි කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි වාර්තා වන බවයි.

උත්සව සමයේ සිදුකරනු ලබන වැටලීම්වලට සමගාමීව එවැනි ආපන ශාලාවන් පරික්ෂා කර ඔවුනට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළා. 

RECENT ARTICLES - SINHALA

නීතිවිරෝධී කහ තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝග්‍රෑම් 1,142යි ග්‍රෑම් 700ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.  ඒ, කල්පිටිය, නොරෝච්චෝලේ දළුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ...

පුණ්‍ය කාලය උදා වෙයි

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 එනම් අද අපරභාග 8.57 සිට අප්‍රේල් 14 වනදා පූර්වභාග 09.45 දක්වා යෙදී...

මාර්තු මාසයේ ලංකාවට වාර්තාගත ඩොලර් ප්‍රමාණයක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබෙනවා . මෙම ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම...

POPULAR ARTICLES

TikTokවල සිංහල සිංදු කියන ටැන්සානියාවේ කිලී පෝල්

ශ්‍රී ලංකාවේ Tiktok පරිශීලකයින් අතර මේ වන විට අතිශය ජනප්‍රිය ගීතයක් වන ‘දුමාරයේ’ ගීතය ටැන්සානියාවේ කිලී පෝල් විසින් ගායනා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ...

නීතිවිරෝධී කහ තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝග්‍රෑම් 1,142යි ග්‍රෑම් 700ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.  ඒ, කල්පිටිය, නොරෝච්චෝලේ දළුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ...

පුණ්‍ය කාලය උදා වෙයි

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 එනම් අද අපරභාග 8.57 සිට අප්‍රේල් 14 වනදා පූර්වභාග 09.45 දක්වා යෙදී...