මෙරට ටැටූ කර්මාන්තය නියාමනයට ලක් කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය ගුණාත්මකභාවයට වැදගත් වන පරාමිතීන් ස්ථාපිත කරන ලෙසත් ශ්‍රී ලංකා ටැටූ සංගමය ඉල්ලීම් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.
Ayana Events මඟින් සංවිධානය කල Ceylon Tattoo Convention 2025 BMICH පරිශ්‍රයේ මාර්තු 21,22,23 තෙදින පුරාවට පැවැත්වුණා.
ජාත්‍යාන්තර ටැටූ නිර්මාණකරුවන්ගේ සහ තරගකරුවන් 90කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහනට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාට ආරාධනා කර තිබුණා.
චතුරංග අබේසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකාවෙ මේ වන විට ටැටූ කර්මාන්තයේ නියැලෙන 5000ක් පමණ නිර්මාණකරුවන් සිටින බව අවධානයට ලක් වූ බවයි .
“කලාව, තාක්ෂණය, සංස්කෘතිය මේ සියල්ලෙ සංකලනයක්. මේ වන විට විශාල ඩොලර් ප්‍රමාණයක් හොයන Artist ලා මේ කර්මාන්තය තුල ඉන්නවා. ඒවගේම තම සේවාව එංගලන්තය, සිංගප්පූරුව හා තායිලන්තය වැනි රටවල් වල ස්ථාපිත කල අය හමුවුනා.
වෙන සේවා වගේ නෙමෙයි, ඔවුන්ගේ එකම ඉල්ලීම මෙම කර්මාන්තය නියාමනය කරන ලෙස හා quality පරාමිත ස්ථාපිත කරන්න කියන එකයි. අසංවිධිත සුදුසුකම් ණැති සේවා සපයන්නන් නිසා කර්මාන්තය අවධානමකට ලක්වී ඇති බවයි.
මේ වන විට ලංකාවෙ මෙම සේවාව සපයන 5000ක් පමන නිර්මාණකරුවන් සිටින බව දැනගන්න ලැබුණා.
මේ පිළිබඳ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව වැඩපිලිවළක් නිර්මාණය කල යුතුයි”