30 C
Colombo
Wednesday, November 20, 2024

රවිගේ මන්ත්‍රී පුටුව ගැන රනිල්ට ඉල්ලීමක්

- Advertisement -

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් රවි කරුණානායකගේ නම නම් කිරීම සම්බන්ධකයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික ආචාර්ය ලසන්ත ගුණවර්ධන ඉල්ලා සිටියා.

එම ලිපිය මගින් දන්වා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ලේකම් රවි කරුණානායක විසින් නිසි ක්‍රමවේදයකින් සහ පක්ෂ අනුමැතියකින් තොරව මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගෙන ඇති බවයි.

මෙම සිද්ධිය බලවත් ලෙස පක්ෂ ව්‍යාවස්ථාව උල්ලංඝනය කිරීමක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හැකි ඉක්මනින් රැස් කරන ලෙස ආචාර්ය ලසන්ත ගුණවර්ධන විසින් රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළ ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හරීන්ට ඇප

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව ඇප මත මුදාහැර තිබෙනවා. බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල්...

රිය අනතුරින් පියා මරුට – දියණිය රෝහලේ

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක්  අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ, එම පියා ජීවිතක්ෂයට පත්වූ...

යන එන මං නැති මැදගොඩ අභයතිස්සගෙන් බිල්ලෙක්

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ජාතික මතවාදයේ සිටින පිරිසට...

POPULAR ARTICLES