බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව සිදුවූ රුපියල් මිලියන 344.5ක ආර්ථික නොවන පාඩුවක් පිළිබඳව කෝප් කමිටුවේදී අනාවරණ වී තිබෙනවා.
මගී ධාරිතාව මිලියන 6 සිට 12 දක්වා වැඩි කරගැනීමට 2007 වසරේදී සිදුකළ සැලසුම වෙනුවට, නැවතත් මගී ධාරිතාව මිලියන 15 දක්වා වැඩිකිරීමට 2013 වසරේදී සැලසුම් සකස් කිරීම හේතුවෙන් මෙම ආර්ථික නොවන පාඩුව සිදුව තිබුණා.
මෙම සැලසුමට හා උපදේශන සේවා ලබාගැනීම සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් 2007 වසරේදී ජපාන හවුල් සමාගමක් තෝරාගෙන තිබෙනවා.
සැලසුම නැවත ප්‍රතිනිර්මාණය කිරීමට පෙර සමාගම සමග 2014 වසරේදී ගිවිසුම් අත්සන් කරනු ලැබූවද විවිධ අවස්ථාවන්වලදී සැලසුම වෙනස් කරමින් ගිවිසුම් සංශෝධනය කිරීම හේතුවෙන් මුලික උපදේශන සේවා ගාස්තුවට අමතරව ඩොලර් එක් ලක්ෂ 78,589ක්, ජපානයෙන් මිලියන 1612.4ක්, සහ රුපියල් මිලියන 808.6ක් ගෙවීමට සිදුව තිබූ අතර ගිවිසුම් කාල සීමාව මාස 47 සිට මාස 131 දක්වා තවත් අවුරුදු 7කින් දීර්ඝ වී තිබූ බවටද කෝප් කමිටුවේදී අනාවරණය වුණා.
ඒ අනුව, 2014 සිට 2024 දක්වා සැලසුම් සහ උපදේශන ගාස්තුව ලෙස රුපියල් මිලියන 3,884.8ක මුදලක් මෙම උපදේශක සේවා සමාගමට ගෙවා තිබීම මහජන මුදල් අවභාවිතා කිරීමක් බවට එම කමිටුව හමුවේ අවධාරණය කෙරුණා.
එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාලව දුරස්ථව පිහිටි ගුවන් යානා හැසිරවීමේ කොටස හා ටැක්සි මාර්ගය ඉදිකිරීමේ කටයුතු සිදුකරනු ලබන අතර මෙමගින් ගුවන් තොටුපොළ සතුව පවතින ගුවන්යානා නැවතුම් සංඛ්‍යාව වැඩි කිරීමට අපේක්ෂා කර තිබෙනවා.
ඒ සඳහා හසාමා ඉදිකිරීම් සමාගම වෙත මාස 30ක කාල සීමාවක් සඳහා රුපියල් මිලියන 6117.8ක මුදලකට මෙම ව්‍යාපෘතිය ලබා දී තිබුණද, එහි වැඩකටයුතු අවසන් වන විට රුපියල් මිලියන 766.8ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බවට හෙළිව තිබෙනවා.
කෙසේවෙතත් මෙහෙයුම් හා සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් එය භාවිතා කළ නොහැකි බවට සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීන් ප්‍රකාශ කර සිටි අතර එසේ නම් මෙම ව්‍යාපෘතිය කිසිඳු පසුවිපරමකින් තොරව බාර ගැනීමේ තාර්කික පදනම කුමක්දැයි කාරක සභාව හමුවේ ප්‍රශ්න කෙරුණා.
සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සමාගම විසින් කිසිඳු තාක්ෂණික හෝ මෙහෙයුම් විග්‍රහයකින් තොරව මෙහිදී කටයුතු කර ඇති බවත්, බලාපොරොත්තු වූ අරමුණු ප්‍රායෝගිව සාක්ෂාත් කරගැනීමට මේ ව්‍යාපෘතිය හරහා කළ නොහැකි බව නිලධාරීන්ට අවබෝධ කරගෙන ඇත්තේ ව්‍යපෘතිය අවසානයේ බවත් මෙහිදී හෙළිව තිබෙනවා.