29.2 C
Colombo
Friday, April 11, 2025

ජයරත්න මල්ශාලාවට තර්ජනය කළ දුරකතන අංකය පිළිබඳ හෙළිදරව්වක්

- Advertisement -

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් නොකරන ලෙස පෞද්ගලික මල්ශාලාවට තර්ජනාත්මක ඇමතුම් ලබාදී ඇත්තේ ‍මාතලේ ප්‍රදේශයේ පදිංචි කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවියකගේ නමට ලියාපදිංචි සිම්පතකින් බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ සිසුවිය එම සිම්පත භාවිත නොකරන අතර එය භාවිතා කරමින් ඇමතුම ලබාදුන් පුද්ගලයා සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

නමුත් එම ඇමතුම් ලබාදුන් ක්‍රියාවලිය තුළින් විමර්ශන නොමඟ යැවීමේ උත්සාහයක් ක්‍රියාත්මකවී ඇත්දැයි පොලිසීය සැකපළකරනවා.

මේ අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 8 වෙනිදා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවේ පසුවන අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු දුලාන් සන්ජුල කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරු කර යවා තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ, ඔහුගේ ආරක්ෂාව සලකා මහර බන්ධනාගාරයට ඊයේ (14) දිනයේදී මාරුකර යැවුණු බවයි.

ඔහු ජුලි 22 වනදා යළි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එදිනට ඔහු රහස් ප්‍රකාශයක් සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක්ද කර තිබුණා.

මේ අතර වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිය සහ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳ තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

ඒ අතරින් ක්ලබ් වසන්තගේ බිරිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.


RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවේදී හඬාවැටුණු ඇමති වටගල

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඊයේ (10) බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳ විවාදයේ පළමු දින විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී හඬා වැටෙන අයුරු දක්නට ලැබුණා. ඒ බටලන්ද වධකාගාරයේදී...

දළදා මාළිඟාවටත් බෝම්බ ගහපු කට්ටියක් මේ ඉන්නේ – හර්ෂණ

ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම භාවිතා කර එතුමාට ප්‍රහාර එල්ල කිරීමට නාට්‍යයක් නිර්මාණය කළද, ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ...

රනිල්ට අල්ලස් එකෙන් කැඳවිමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. ඒ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුවේදී හඬාවැටුණු ඇමති වටගල

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඊයේ (10) බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳ විවාදයේ පළමු දින විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී හඬා වැටෙන අයුරු දක්නට ලැබුණා. ඒ බටලන්ද වධකාගාරයේදී...

චීනෙන් ඇමරිකාවට ප්‍රතිප්‍රහාර

අමෙරිකාව විසින් චීනයට එරෙහිව පැනවූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනයද අද (11) ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ තීරු...

රනිල්ට අල්ලස් එකෙන් කැඳවිමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. ඒ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට...