අරගලයට සහය දුන් විදේශ බලවේග කවුරුන්ද යන්න පිළිබඳව වැඩි විස්තර නුදුරේදීම හෙළිවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
“මං විතරක් නෙවෙයි මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න සමහර නායකයොත් අරගලය තුන්වෙනි පාර්ශවයකින් මෙහෙයවූවා කියන එක කියනවා. අපිත් එක්ක හිටපු අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් ඒ පිළිබඳව පොතකුත් ලියලා තියෙනවා.” යැයි ඔහු පෙන්වා දෙනවා.
අරගලය පසුපස හිටපු තෙවන පාර්ශවය සම්බන්ධව තවත් තොරතුරු ඉදිරියේදී හෙළිවීමට නියමිත බවත් අරගලය නිසා රනිල් වික්‍රමසිංහ බලයට පත්වූ බවත් ඔහු පවසනවා.
මේ සම්බන්ධව පරීක්ෂණයක් සිදුවිය යුතු නමුත් එය හුදු දේශපාලනික මාතෘකාවකට කොටු නොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කරනවා.