31 C
Colombo
Friday, October 25, 2024

පිටි කිලෝවකින් රුපියල් 53ක් ලාභ ලබන හැටි ගැන ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

- Advertisement -

තිරිඟු ඇට බදු සහන මත ආනයනය කොට පිටිකර අලෙවි කරන ප්‍රධාන සමාගම් දෙක එක් පිටි කිලෝවකින් රුපියල් 53ක අධික ලාභයක් ලබන බව ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රධාන ආහාර ද්‍රව්‍ය රැසක මිල වැඩිවීමෙන් රටේම පාරිභෝගික ජනතාව දැඩි පිඩාවට පත්වන බවයි.

මෙයින් රජයට හිමි විය යුතුව තිබෙන කෝටි ගණනක බදු ආදායම අහිමි වන බව එම සංගමය පවසනවා.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සංගමසේ උපදේශක පි. එම්. අබේසේකර මහතා කියා සිටින්නේ පසුගිය 14 දින නිකුත් කළ නව ගැසට් නිවේදනය අනුව තිරිඟු පිටි කර ආනයනය කිරිමේදි කිලෝග්‍රෑමයකට රුපියල් තිස් පහකට වැඩ බද්දක පනවා ඇති බවයි.

කෙසේ නමුත් 2002 සිට මේ දක්වා තිරිඟු ඇට ආනයනය කර මෙරටදී පිටි කරන සමාගම්වලට බදු සහනයක් ලබාදී ඇති බවද ඔහු සඳහන් කාරනවා.

මේ වන විට තුර්කියේ තිරිඟුපිටි මෙට්‍රික් ටොන් එක්ක ඩොලර් 450 සිට 355 තෙක් අඩුවීමත් සමග තිරිගුපිටි ආනයනකරුවන් සියයට 15ක නව බද්ද, සියයට දහයක වරාය හා ගුවන් සේවා බද්ද, සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද, ගෙවා තිරිඟු පිටි කිලෝවක් රුපියල් 158කට අලෙවි කරද්දී බදු නිදහසේ ප්‍රතිලාභ ලබමින් තිරිඟු ඇට ගෙන්වා මෙරට දී පිටි කරන සමාගම් තිරිඟු පිටි කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 211කට බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පෙන්වා දෙන්නේ.

මාසිකව පිටි මෙට්‍රික් ටොන් 65000කට ආසන්න ප්‍රමාණයක් මෙරට පරිභෝජනය කරන අතර මේ වන විට මෙට්‍රික් ටොන් 72000ක් ආනයනය කර ගබඩාවල පවතින බවයි ආනයනකරුවන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහිව නඩුදාලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. රන්ජන් රාමනායක මහතා ඉදිරි මහ මැතිවරණයට ගම්පහ...

පමුණුගම පොලීසියට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක්

පොලිස් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (24) පස්වරුවේ පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත ව...

රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...